This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Sunday, November 20, 2016

ලොව විෂ අධික ම පලතුර ඇපල් බව ඔබ දන්නවා ද? මෙන්න මේ ගැන හැමෝම දැනුවත් වෙන්න

ලොව විෂ අධික ම පලතුර ඇපල් බව ඔබ දන්නවා ද? මෙන්න මේ ගැන හැමෝම දැනුවත් වෙන්න


ලොව විෂ අධික ම පලතුර ඇපල් බව ඔබ දන්නවා ද? මෙන්න මේ ගැන හැමෝම දැනුවත් වෙන්න.

ඔබත් ‘ෆොරින් මේනියා’වෙන් පෙළෙන්නෙක් ද? ඔබ සහ ඔබේ පවුලේ උදවිය වැඩිපුර සලකන්නේ ඔබේ නිවසට ඇපල් මල්ලක් අරන් එන ඥාතියාට ද? නැති නම් පැපොල් ගෙඩියක් අරන් එන ඥාතියාට ද? අපේ රටේ ඇත්තන්ගේ පෝෂණය ඉහළ නංවාලීම පිළිබඳ ව කථා කරන, උනන්දුවෙන බොහෝ දෙනෙකු නො තකන, නො දකින සමාජ විද්‍යාත්මක මහා බාධකය (Great barrier) හමුවන්නේ මෙතැන දී ය. ‘‘පිටරටින් ගෙනෙනා හැම දෙයක් ම උසස් ය… ගුණදායක ය…” යන මූඨ ආකල්පය අපේ රටේ අති බහුතරයකගේ සිතේ තදින් පැලපදියම් වී ඇති කාරණාවකි. ‘ෆොරින් බඩුවක්’, ‘ඉම්පෝටඞ් අයිටම් එකක්’ වැනි වචන හරහා ප‍්‍රකාශ කෙරෙන්නේ එයයි. ජන විඤ්ඤාණයේ ගැඹුරින් ම තැම්පත්ව ඇති මෙම අඳුරු, රැවටිළිකාර ආකල්ප ඉතාමත් ඕනෑකමකින් මකා නො දැම්මොත්, අපේ රටේ මිනිසුන්ගේ පෝෂණය හා සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කිරීම ලාංකීය සෞඛ්‍ය සේවා පද්ධතියට ලෙහෙසි පහසු නො වෙනු ඇත. පාන් පිටිවලට අප මේ තරම් ඇලීගැලී සිටින්නේ, එහි ලාක්ෂණික ප‍්‍රත්‍යස්ථ හා ඇලෙන සුළු ගුණය නිසා ම නො වේ. ඒවා පිටරටින් අපට ගෙන්වන නිසා ය. පිටරටින් ආ අමුතු අමුතු නම් ඇති සුපිරි අවන්හල්, වෙළඳසල් සහ හෝටල් හතු පිපෙන්නාක් මෙන් බිහි වෙන්නේ ඒවා තුළ ඇත්තේ ‘ෆොරින්’ කෑම නිසා ය. ‘ෆ‍්‍රයිඩ් රයිස්’ කොයි තරම් නම් සෞඛ්‍යයට අහිතකර ද යන්න දැන සිටියත්, මිනිසුන් ඒවා ගිල දැමීමට ගිජු වී ඇත්තේ, ඒවා චීන, තායි කෑම නිසා ය. ගමේ-ගොඬේ, වෙලේ, ලන්දේ තණ උලා කන එළදෙනගේ කිරි නො බී, දියවැඩියාවට, පියයුරු පිළිකාවට, ගැහැනු ළමුන් අඩු වයසින් මල්වර වන්නට ද හේතු විය හැකි හෝමෝන, ප‍්‍රතිජීවක, කෘමිනාශක, මෙලමයින් ආදි එකී නො කී රසායනික ද්‍රව්‍යවලින් දූෂිතව තිබෙනා කිරිපිටි බොන්නේ ඒවා ‘ෆොරින් කිරි’ නිසා ය. ගමේ හැදෙන අඹ ගෙඩිය, දොඩම් ගෙඩිය, පැපොල් ගෙඩිය කුණු වෙලා යද්දී, අවුරුදු ගණන් පරණ, නමුත් පරණ නො වීම පිණිස විෂ රසායන වර්ග යෙදූ, ඇපල්, මිදි, දොඩම් මිනිසුන්, ආදරයට තම දරුවන්ට දෙන්න ගෙදර ගෙනියන්නේ, ඒවා එංගලන්තේ, ඕස්ටේ‍්‍රලියාවේ හැදෙන මිදි, ඇපල් කියා හිතාගෙන මහා ආඩම්බරකාරී හැඟීමෙන් ය. එහෙත් මේ බොහෝ ආහාර තුළ ඇත්තේ, මිනිස් සෞඛ්‍යයට ඉතාමත් අහිතකර හලාහල වසවිස බව, ලෝකයා දැන සිටියත් තවමත් අපේ රටේ බොහෝ දෙනෙකු ඒවායේ ඇති අහිතකර බව හරි හැටි දන්නේ නැත.
විෂ පොවා වවන පලතුරක් !

මෙයට කලකට පෙර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පැළෑටි සංරක්ෂණ ඒකකයේ මහාචාර්ය ජේ. එම්. ආර්. එස්. බංඩාර මහතා, ආනයනික මිදි සහ ඇපල් පිළිබඳ ව තමන් විසින් කළ පර්යේෂණයක දී මිනිස් සෞඛ්‍යට අහිතකර බැරලෝහ සහ පළිබෝධ නාශකවල අවශේෂ කොටස් 47ක් පමණ එහි අන්තර්ගතව තිබී සොයා ගත් බව එතුමා අප හමුවේ හෙළි කළේ ය. ආනයනික පළිබෝධනාශක හා රසායනික පොහොර හරහා කැඞ්මියම් වැනි විෂ බැර ලෝහ මෙරටට පැමිණෙන බවට තමන් විසින් කළ පර්යේෂණයක දී තහවුරු වූ බවට පළමුව ප‍්‍රකාශ කළේ ද එතුමා ය. කෙසේ වෙතත් අපේ රටේ ඇත්තන් පවසන කිසිවක් පිළිනොගැනීමටත්, ඒවා අවඥාවේ කෙවිටෙන් තලා වීසි කර දැමීමටත් දක්වන ‘උපන්ගෙයි රුචිකත්වය’ නිසාවෙන්, සුදු ජාතික විද්‍යාඥයින් ම කියන, අප විසින් සුදු යැයි සිතාගෙන ඉන්න ‘රතු ඇපල් ගෙඩියේ’ ශෝචනීය ‘කළු කථාව’ මෙතැන් සිට අපි විමසා බලමු. මහජන සෞඛ්‍ය සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක වන ප‍්‍රකට පර්යේෂණ පදනමක් වන,Environmental Working Group (EWG) විසින් සෑම වසරක දී ම යුරෝපා වෙළඳපොළේ විකිණීමට තිබෙන පලතුරු හා එළවළුවල ඇති වස විස පිළිබඳ ව සොයා බැලීමක් සිදු කරනු ලබයි. ඒ අනුව ඔවුන් විසින් දූෂිතම එළවළු හා පලතුරු වර්ග 12 තෝරනු ලැබේ(Dirty dozen). සුපුරුදු පරිදි ම මෙම වසරේත් එම ලැයිස්තුවේ අංක එකට පත් වන්නට ‘ඇපල්’ සමත් වී ඇත. එම ආයතනය විසින් පර්යේෂණයට ලක් කළ ඇපල්වලින් 92%ක් පමණ මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු මට්ටමකින්, විවිධ පළිබෝධනාශක ශේෂ කොටස් සහ හානිකර බැර ලෝහ වර්ගවලින් දූෂිත වී තිබුණු බව හෙළි වී ඇත. ඒ සෑම ඇපල් ගෙඩියක ම හානිකර රසායනික ද්‍රව්‍යයන් 56ක්වත් අන්තර්ගත ව තිබුණු බව වැඩිදුරටත් එම වාර්ථාවන්ගේ දැක්වේ. එහෙත් ඇපල් වගාකරුවන්ගේ සහ ව්‍යාපාරිකයන්ගේ ඩොලර්, පවුම්වලට කට අරින තවත් විශේෂඥයින් යැයි කියාගත් පිරිසක් (උදා: ශ්‍රී ලාංකීය ඊනියා මානව හිමිකම් සුරැකීමේ සංවිධාන) විසින් EWG ආයතනය සහ වෙනත් පර්යේෂණ රාශියකින් පෙන්වා දී ඇති තොරතුරු අභියෝගයට ලක්කරමින් සාවද්‍ය තොරතුරු ජනතාව අතර ප‍්‍රචාරණය කරමින් සිටී. එහෙත් පර්යේෂකයන් අවධාරණය කරන්නේ මෙම ඇපල් නිතර අනුභවය, නිදන්ගත රෝග රාශියකට ම හේතු වන්නට පිළිවන් වෙන බව සහ විශේෂයෙන් කුඩා ළමුන්, ගර්භිණී මවුවරු සහ රෝගී, දුර්වල උදවිය දූෂිත ඇපල් පරිභෝජනයෙන් වැළකීම ඔවුන්ගේ ශරිර සෞඛ්‍යයට හිතකර වනු ඇති බව ය. එහෙත්… අවාසනාවක තරම! ලංකාවේ අපි තවමත් මෙම ඇපල්, රෝගීන් සහ ගර්භිණී මවුවරුන් බැලීමට යාමේ දී රැගෙන යන්නෙමු. කෙසෙල්, පැපොල්, පේර, නෙල්ලි නො කන අපේ දරුවන්ට අපි මහත් උජාරුවට ඇපල් කවන්නෙමු. අප රටේ නො තිබුණ ද ඇමරිකානු පාරිසරික ආරක්ෂණ ඒජන්සිය විසින් EWG ආහාර ද්‍රව්‍යවල තිබිය හැකි එක් එක් පළිබෝධ නාශකයේ උපරිම ප‍්‍රමාණයන් සඳහා ප‍්‍රමිතීන් හඳුන්වා දී ඇත. නමුත් පර්යේෂකයන් අවධාරණය කරන්නේ, මෙම ඇපල් තුළ ඇතැම් රසායනික ද්‍රව්‍යයන් EWG විසින් අනුමත ප‍්‍රමාණයන් ප‍්‍රබල ලෙස ඉක්මවා ඇති බව ය. අනෙක් අතට අනුමත ප‍්‍රමාණයන් ඉක්මවා නො තිබුණා යැයි සිතමු. එහෙත් විවිධ රසායනික ද්‍රව්‍යයන් පනස් ගණනක් වෙන් වෙන්ව යම් ආහාරයක් මත හෝ ඒවා පරිභෝජනය කරනු ලබන මිනිසුන්ගේ ශරීර තුළ ස්වාධීනව නො පවතින බව නිසැක ය. ඒවා අතර සිදුවන සංකීර්ණ අන්තර් ක‍්‍රියාවන් රාශියක් හේතු කොටගෙන ඇතැම් විට අනපේක්ෂිත භයානක සෞඛ්‍ය ගැටලූ ඇති විය හැකි බව අප අමතක නො කළ යුතු ය.
ගහේ තිබෙනවාට වඩා වැඩි කාලයක් කඩේ තිබෙන්නේ කොහොම ද?

මල් ව්‍යාපාරයේ දී මල් ඉති හා මල් පොහොට්ටු වියළීම හා හැළීම නවතා සජීවි තත්ත්වයෙන් (ෆ්‍රෙෂ් ගතියෙන්) වැඩි කාලයක් තබා ගැනීමට වාණිජමය වශයෙන් භාවිත කරනුයේ සිල්වර් නයිටේ‍්‍රට් නම් වූ ද්‍රාවනයකි. වාණිජමය වශයෙන් සිල්වර් නයිටේ‍්‍රට් සාදානු ලබන්නේ තනුක නයිට්‍රික් අම්ලය තුළ සිල්වර් ලෝහය දිය කිරීමෙනි. මෙම ද්‍රාවණය මතුපිට තැවරීම හානිකර නො වූවත් ශරීරගත වීම බෙහෙවින් ම හානිකර බවයි පැවසෙන්නේ. කෙසේ වෙතත්, මෙම ද්‍රාවණය මල් ව්‍යාපාරයේ දී පමණක් නො ව, එළවළු සහ පලතුරු ව්‍යාපාරය තුළ ද සුලභ ව භාවිතයට ගැනෙන බව ලංකාවේ අප දැන නො සිටිය ද එය ලෝක ප‍්‍රසිද්ධ රහසකි. එබැවින් පරවුණු, කුණු වූ ඇපල් හෝ පිටරටින් ගෙන්වනු ලබන ඇට නැති නාරං හෝ මිදි අපට කිසි දිනක දැක ගන්නට නො ලැබෙණු ඇත. සිල්වර් නයිටේ‍්‍රට් පලතුරු මතට යෙදීමෙන් සහ පලතුරු තුළට එන්නත් කිරීමෙන්, (ඇපල් ගෙඩියේ අලවා ඇති ස්ටිකරය ගලවා බැලූ විට මෙම එන්නත් කළ ස්ථානය දැක ගැනීමට ඔබට පිළිවන.) පලතුරු ස්වාභාවිකව ඉදීමේ ක‍්‍රියාවලියට හේතුවන එතිලීන් නිෂ්පාදනය වීම නිෂේධනය (inhibit) කෙරෙනු ඇත. එවිට පලතුරු දීර්ඝ කාලයක් නැවුම් ව සහ සජීවීව තබා ගැනීමට පිළිවන් වනු ඇත.
කෙසේ වෙතත් සිල්වර් නයිටේ‍්‍රට් කාලයක් තිස්සේ ශරීරගත වීමෙන්, ස්නායූ ආබාධ, මොළයට සිදුවන හානිකර තත්ත්වයන්, පිළිකා වැනි රෝගාබාධ රාශියකට ම ඉවහල්වන බවයි විද්‍යාඥයන් ප‍්‍රකාශ කරන්නේ.
එතෙර දී සිල්වර් – මෙතෙර දී ෆෝමලින්

ලංකාවේ පලතුරු අලෙවි කරන්නන්, නිතර නිතර තම පලතුරු මතට යම් ද්‍රාවණයක් ඉසිනු ලබන බව ඔබ නිරීක්ෂණය කර ඇති. මේ නම් පිරිසිදු ඇල් වතුර යැයි ඔබ ද සිතන්නට ඇත. එහෙත් 99%ක් ම අවස්ථාවන් හි දී අවාසනාවකට ඔවුන් මේ ඉසිනු ලබන්නේ ජලයේ දිය කර ගත් ෆෝමලීන් ද්‍රාවණයකි. සුද්දා සිල්වර් නයිටේ‍්‍රට් යොදා මාස ගණනාවක් කල් තබා ගත් ඇපල්, කළු සුද්දා විසින් මළ මිනී එම්බාම් කිරීමට භාවිත කෙරෙන ෆෝමලින් භාවිත කර තව අවුරුද්දක් පමණ යස අපූරුවට කල් තබා ගනු ලබයි. අපේ කට්ටිය ෆෝමලීන් භාවිත කරන්නේ පලතුරුවලට පමණක් නො වේ. පැය 12න් ස්වාභාවිකව මීකිරි මුදවීමේ ක‍්‍රියාවලිය පැය 4න් කෘති‍්‍රම ව කර ගැනීම සඳහා ද එය බහුලව භාවිත කෙරේ. එසේ ම ඇතැම් කූට ව්‍යාපාරිකයන් විසින් ෆෝමලින් භාවිත කර කරවල, මාළු වැනි ආහාර වර්ගත් කල් තබා ගන්නා බව හෙළි වී ඇත.
විෂ ගැල්වූ ඇපල් දවටනය

ඇපල් වැනි පලතුරු ඔතා ඇති විවර සහිත ‘ඍජිෆෝම්’ දවටන සකස් කර ඇත්තේ පලතුරු, දිලීර හා බැක්ටීරියා ආසාදනවලින් බේරා ගැනීමට හැකි ප‍්‍රබල පළිබෝධ නාශක වර්ග ඒවා මත ගැල්වීමෙනි. මේ සඳහා තහනම් පළිබෝධ නාශක වර්ගයක් වන තිරාම් (Thiram) සහ ආසනික් අඩංගු දිළිර නාශක භාවිත කෙරෙන බව ද සොයාගෙන ඇත. මෙම හානිකර කටයුත්ත සුලභ වශයෙන් සිදු කෙරෙන්නේ චීනය තුළ වන අතර, වර්තමානයේ දී ලොව ප‍්‍රමුඛම ඇපල් වෙළෙන්දා වන්නේ ද චීනයයි. මෙම විෂ සහිත දවටන පිළිබඳ චීනයෙන් ඇපල් ගෙන්වනු ලබන වියට්නාමය වැනි රටවල් පවා පරීක්ෂණ සිදු කරමින් නිරන්තර අවධානයෙන් පසු වෙතත්, අපේ රටේ එවැන්නක් පිළිබඳ ව හාංකවිසියක්වත් නොමැත.
ඉටි ගෑ ඇපල්

පලතුරු කල් තබා ගැනීම සඳහා සිදු කරනු ලබන තවත් ක‍්‍රියාවක් වන්නේ, පලතුරු මත ආහාරයට ගත හැකි ඉටි වර්ගයක් තැවරීමයි. මේ සඳහා බහුල ව ම භාවිත කෙරෙනුයේ ‘මොර්පොලීන්’ (Morpholine) සහ ‘පැරෆින්’ (Paraffin) නමින් හඳුන්වනු ලබන ඉටි වර්ගයන් ය. මින් මොර්පොලීන් රසායනිකය පිළිකා කාරක ලක්ෂණ පෙන්නුම් කරන බවට සැක කරන බැවින්, යුරෝපා සංගමයේ රටවල් තුළ භාවිත කිරීම තහනම් කර ඇත. නමුත් අවාසනාවකට ලංකාවට ඇපල් ගෙන්වනු ලබන රටවල් වන චීනය, ඕස්ටේ‍්‍රලියාව වැනි රටවල මෙය තහනම් කර නොමැත. පැරෆින් යනු, පෙටේ‍්‍රාලියම් පිරිපහදුවේ අතුරු ඵලයකි. සංශුද්ධ පැරෆින් හානිකර නොමැති බවට පිළිගැණුනත්, ඇතැම් ව්‍යාපාරිකයින් විසින් වැඩි ලාභයක් සඳහා තත්ත්වයෙන් බාල පැරෆින් භාවිත කරන බවට හෙළි වී ඇත. මේ බාල පැරෆින් තුළ බෙන්සීන්, ටොලූවීන් වැනි පිළිකාකාරක පවා අන්තර්ගත විය හැකි බව සොයාගෙන ඇත.
විශේෂ සටහන: මෙහි දී අප හොඳින් මතකයේ තබා ගත යුතු කාරණාවක් වන්නේ ලංකාවට ගෙන්වනු ලබන පලතුරු වනාහි ලොව තත්ත්වයෙන් බාල බවට ‘කන්ඩෙම්’ වූ ඒවා බවත්, උක්ත පර්යේෂණවලට ලක් කොට ඇත්තේ ඇමරිකාව වැනි රටවල අලෙවි කෙරෙන තත්ත්වයෙන් උසස් යැයි සම්මත පලතුරු බවත් ය.
වසරකට ඇපල් ගෙඩි කෝටි 20ක් අනුභව කරන රටක් !

සාමාන්‍යයෙන් වසරකට අපේ රටට පිටරටින් ආනයනය කරනු ලබන පලතුරු ප‍්‍රමාණය මෙට්‍රික් ටොන් 42,000ක් පමණ වේ. ඉන් ඇපල් පමණක් සැලකූ විට එය, ගෙඩිවලින් කෝටි 20ක් පමණ වේ. රට වටකර වරකා ගස්, පේර ගස්, අඹ ගස්, කෙසෙල් ගස් තිබෙනා රටක ජීවත් වෙන අපි, වස විස කන්න මේ තරම් ජාතික ධනයක් කාබාසිනියා කිරීම ගැන හඬා වැලපිය යුත්තෙමු. ලැජ්ජාවට, අපහාසයට හා උපහාසයට ලක්විය යුත්තෙමු.
ඇපල් වගේ ද පැපොල්…?

අපේ රටේ ස්වාභාවිකව හැදෙන නෙල්ලි ගෙඩියේ, පැපොල්, ජමනාරං, වරකා, කාමරංගා, වෙරළු, ජම්බෝල ගෙඩියේ තිබෙන පිළිකා වළක්වන ප‍්‍රතිඔක්ෂිකාරක ගුණය ද ඇතුළු මාහැඟි පෝෂණ ගුණයන් පිළිබඳ ව මෙලෝ හසරක් නො දන්නා වූ අපේ රටේ ඇත්තන් බොහෝ දෙනෙකු තවමත් හිතාගෙන ඉන්නේ ඇපල් වනාහි මහා පුදුමාකාර ගුණ කන්දරාවක් ඇති පලතුරක් ලෙස ය. එහෙත් ඇත්ත කතන්දරය වන්නේ පැපොල් ගෙඩියේ පෝෂණය අහලකටවත් ඇපල් ගෙඩියට ළං වන්නට නො හැකි බව ය.
දැන් ඔබට වැටහෙනවා ඇති ‘දිනකට ඇපල් ගෙඩියක් අනුභව කිරීමෙන් වෛද්‍යවරයා ඔබේ නිවසට නො ගෙන්වා සිටිය හැකි ය’ යන බටහිර ප‍්‍රකට කියමන වහාම වෙනස් කළ යුතු ව ඇති බව. ‘දිනකට ඇපල් ගෙඩියක් ආහාරයට ගැනීමෙන්, ඔබේ වෛද්‍යවරයා පොහොසත් වෙනු ඇත’ ලෙස එය වෙනස් කළ යුතු ව ඇත.
විදේශයන්ගෙන් ගෙන්වන බොහෝ ආහාරවල කිසි ගුණයක් නොමැති බවත්, මෙතෙකැයි කිව නො හැකි තරම් ගුණයන් ඇත්තේ අපේ පැරැන්නන්ගේ දිවි රැක දුන් අපේ රටේ ස්වාභාවික ආහාර වර්ගවල බවත්, අපේ රටේ ඇත්තන්ට පසක් වෙන්නේ කවදා ද? අන්න එදාට, පෝෂණ විද්‍යාව, ජාතික ආර්ථිකය විෂයයන්හිලා මහ දැවැන්ත විප්ලවයක් සිදු වෙනු නො අනුමාන ය. එතෙක් මේ පිළිබඳ ව උනන්දුවන, කාරණා කටයුතු අවබෝධකර ගැනීමට තරම් සිහි බුද්ධිය ඇති සහෘදයන්ගේ දැනගැනීම පිණිස මනුෂ්‍යත්වයේ නාමයෙන් ඉහත කාරණා ස්වල්පය ඉතා සෙනෙහසින් අකුරු කළ බව මෙහි ලා අවසනට සටහන් තබමි.

ඇපල් සටහන
ගැමුණු සාලිය පෙරේරා
මහජන සෞඛ්‍ය පරික්ෂක – දියතලාව


උපුටා ගැනීම-sinhalaonline

Saturday, November 19, 2016

පිරිමි වඳ කරන මෙන්න මේ ලිංගික ඉරියව් ඔබ කරනවානම් දැන්ම නවත් වන්න

පිරිමි වඳ කරන මෙන්න මේ ලිංගික ඉරියව් ඔබ කරනවානම් දැන්ම නවත් වන්න

පිරිමි වඳ කරන මෙන්න මේ ලිංගික ඉරියව් ඔබ කරනවානම් දැන්ම නවත් වන්න.

ලිංගික සංසර්ගයේදී විවිධ ඉරියව් අත්හදා බලන්නට සිදුවෙනවා. තම හිතු මතේට අනුදැනුමකින් තොරව වැරදි ඉරියව් අනුගමනය කරමින් ලිංගික සංසර්ගයේ යෙදීම විවිධ ගැටළු රාශියකට හේතුවක් වෙනවා.
මෙහි වැඩි බලපෑම ඇත්තේ පිරිමින්ටයි. පිරිමින්ගේ ලිංගේන්ද්‍රියටමේ වැරදි ඉරියවු නිසා හානි සිදුවෙනවා.එසේ හානි වීම නිසා ඔවුන් වද භාවයට වුවත් පත් වීමේ අවධානමක් ඇති බව සොයාගෙන තිබෙනවා.
මෙවැනි විවිධ ලිංගික ඉරියවු අතරින් ඉතා හානි කර ලිංගික ඉරියව්ව ලෙස විද්‍යාඥයින් සොයා ගෙන ඇත්තේ සහකාරිය පිරිමියා මත හිදින අයුරින් සංසර්ගයේ යෙදීමයි.මෙවැනිම අනෙක් ඉරියව්ව වන්නේ කාන්තාව ඇත සහ දෙපා මත හිදිමින් සංසර්ගයේ යෙදීමයි.
මේ ඉරියවු නිසා සහකරුගේ ශිශ්නයට හානි වීම ඉතා සුලබ බව ඔවුන් කියා සිටිනවා. ශිෂ්නය මත සහකාරියගේ බර සම්පුර්ණයෙන් දීම හෝ අනවශ්‍ය වේදනා ඇති කරවන චලන සිදුකිරීමෙන් එයට වන හානිය සැත්කමකින් කෙලවර වන අවස්ථාද ඇති බව ඔවුන් පෙන්වා දෙනවා. මේ නිසා ලිංගික සංසර්ගයේ යෙදීමේදී ශිෂ්ණයේ යම් වේදනාවක් ඇති වන්නේ නම් වහාම එය නැවැත්විය යුතුයි.

උපුටා ගැනීම-sinhalaonline

ස්වයං වින්දනයේ යෙදෙන හැමෝම අනිවාර්යෙන්ම දැන ගතයුතු මේ දේවල් ටික ගැන දැනුවත් වෙන්න.

ස්වයං වින්දනයේ යෙදෙන හැමෝම අනිවාර්යෙන්ම දැන ගතයුතු මේ දේවල් ටික ගැන දැනුවත් වෙන්න.

ස්වයං වින්දනයේ යෙදෙන හැමෝම අනිවාර්යෙන්ම දැන ගතයුතු මේ දේවල් ටික ගැන දැනුවත් වෙන්න.

බොහෝවිට කෙට්ටු අය තමයි එහෙම කියන්නෙ. මහත අය එහෙම කියනව අඩුයි. ඒ මොකද කියනව නම් ස්වයං වින්දනයේ යෙදෙන මහත අය දන්නව ඒ අය ස්වයං වින්දනයේ යෙදුනට කෙට්ටු වෙන්නෙ නෑ කියල. නමුත් ඒ අතරින් සමහරු හිතනව තමන් අනිසි ලෙස මහත් වීමට ස්වයං වින්දනය හේතුවක් විය හැකියි කියල. ස්වයං වින්දනයේ යෙදුන කියල කෙට්ටුවත් මහත්වත් වෙන්නෙ නෑ. එය හුදෙක් තම භෞතික ස්වරූපයට මානසික හේතූන් ආදේශ කර ගැනීමක් පමණයි. එහෙම නැත්නම් ඉතින් මිනිස්සුන්ට ව්‍යායාම මධ්‍යස්ථාන වලට යන්න දෙයක් නෑනෙ. වැරදී හෝ එහෙම දෙයක් සිදුවන්නේ නම් මෙය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයක් ලෙසක් හඳුන්වා දිය හැකි වේවි.

වරෙක වෛද්‍ය පීඨයේ එක් කතිකාචාර්යවරයෙක් මානව ලිංගිකත්වය ගැන දේශනයකදි අවසානයේ ප්‍රශ්න ඇසීමේ වාරය එලැඹුනා. ළමයෙක් කොල කෑල්ලක මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහල එවල තිබුනලූ‍.

1‘‘දිනපතා ස්වයං වින්දනයෙ යෙදුනම ඇඟ කෙට්ටු වෙනවද?“

කතිකාචාර්යවරයා සභාව ඉදිරියේ ප්‍රශ්නය හඩ නගල කියෙව්වලූ‍. ඊට පස්සෙ දිගු හුස්මක් ඇරල හෙමින් සිනාසෙන ගමන් තමන්ගෙම ඇඟ දිහා ටිකක් වෙලා බලන් හිටියලූ‍ තත්පර කීපයක් නිසොල්මනේ. ඊට පස්සෙ මෙන්න මෙහෙම කිව්වලූ‍.

‘‘මේ බලන්න. මේ මම හොඳට ඉන්නෙ. මම කෙට්ටු වෙලා නෑනෙ“

ඉතින් ඒක අහපු ළමයි හැමෝම හිනා වුනාලූ‍. සිනාව මදක් නැවතුනු පසු ඔහුගේ පිළිතුරු පැහැදිලි කිරීම වුනේ,

‘‘ළමයිනේ, ස්වයං වින්දනය නිසා ඇඟ කෙට්ටු වෙනවා නම් මේ දේශනය කරන්න අද මම මෙතන නැහැ‘‘ යන්නයි

2.අධික ලෙස ස්වයං වින්දනයේ යෙදෙනවා යයි ඔබ අරුත් ගන්වන්නේ කුමක්ද?

අධික ලෙස ස්වයං වින්දනයේ යෙදීම සෞඛ්‍යයට අහිතකර නම් අධික ලෙස සංසර්ගයෙ යෙදීමත් සෞඛ්‍යයට අහිතකර විය යුතුය. එහෙත් ඔබ දන්නවද මේ මඟින් ශරීරයෙ මස්පිඩු වගේම ස්වසන වේගයත් ඉහල යන බව. මෙයත් එක අයුරක ව්‍යායාමයක් තමයි. දිනකට යන්තම් ව්‍යායාම කරන කෙනෙකුට නම් ඊට වඩා ප්‍රතිඵල යහපත් වේවි ව්‍යායාම කිරීම නවත්වක සංසර්ගයේ යෙදෙන්න හැකිනම් හැකි සැම විටදිම ප්‍රායෝගික ආරක්ෂණ ක්‍රම සහිතව නමුත් මෙය වෛද්‍යමය වශයෙන් අනුමත වී නැත්තේ මීට වඩා ප්‍රතිඵල සහිත ව්‍යායාම් විධි තිබීමත් ඒ හා සැසඳූ කල මෙහි අතුරුව සැලකිලිමත් විය යුතු තවත් ප්‍රභේද රාශියක් තිඛෙන නිසාවෙනි. අන්තිමේ ව්‍යායාමෙට කියල ලිංගිකව හැසිරෙන්න ගිහින් වෙන වෙන එව්ව හදාගෙන එන්න වේවි. කසාදයක් බැඳගනින් කියන්නෙ ආන්න ඒකට තමා ස්වයං වින්දනයෙන් කෙට්ටු වෙන්නෙ නෑ. නමුත් රුධිර සංසරණය වැනි දේවල් ක්‍රමවත්ව පවත්වාගන්න මේක උදව් වෙනව.

කෙනෙක් ස්වය වින්දනයෙ යෙදෙන්නෙ ඔහුට හෝ ඇයට ඒ සඳහා අවශ්‍යතාවක් ඇතිවූ විටයි. එම අවශ්‍යතාව ඇතිවන්නේ බොහෝ විට නිරෝගීව සිටියදී විනා රෝගීව සිටියදී නෙමේ. බොහෝ විට රෝගී වූ විට ලිංගික ආශාව අඩුව යයි. ස්වයං වින්දනයේ යෙදුනු පසු නැවත ටිකක් වෙලා යනතුරුද නැවත ඒ සඳහා උවමනාවක් ඇති නොවේ. නැවත ස්වයං වින්දනයට උවමනාවක් ඇති වන්නේ ඒ සඳහා ඔහුගේ හෝ ඇයගේ කය සහ මනස සූදානම් වූ විට පමණයි.

3. ස්වයං වින්දනය නිසා වඳ භාවය ඇතිවිය හැකිද?

දිනක් විශේෂඥ වෛද්‍ය ආරියසේන ගමගේ මහතා හමු වීමට විවාහ වී ඇති මුත් වසර දෙකක් පුරාවට දරුවන් අහිමි යුවලක් ප්‍රතිකාර සඳහා පැමිණ ඇත. මෙහිදී ස්වාමි පුර්ෂයා කියා ඇත්තේ, ‘‘සර්, දැන් මගේ වයස අවුරුදු 26යි. මට මතක ඇති කාලෙක ඉඳල, ඒ කියන්නෙ දැනට වසර 10ක පමණ තිස්සෙ ඉඳල මම දවසට දෙතුන් වතාවක්ම, ඇතැම් විට පස් හය වතාවක්ම ස්වයං වින්දනයේ යෙදුනා. දැනුත් එහෙමයි. අපිට ළමයි නැත්තෙ මගෙ ධාතු ශක්තිය අඩු වෙලාවත්ද? “ කියලයි.

ඔහුව පරීක්ෂා කල වෛද්‍ය අදහස වී ඇත්තේ ඔහු බෙහෙවින්ම හොඳ සෞඛ්‍ය තත්වයකින් පසුවන බවයි. මදසරු බවේදී මුලින්ම පරීක්ෂාවට ලක් කරනුයේ පිරිමියාගේ ශුක්‍රාණු වේ. මෙහිදී ඒ තුල ශුක්‍ර තරල නිසි ප්‍රමාණයක අවැසි තරම් ශුක්‍රාණු ඇත්ද යන බවත්, ඒ තුල උවමනා චලන හැකියාව තිඛෙනවද යන බවත් ඇතුලූ‍ව කරුණු කීපයක් පරීක්ෂාවට ලක් කරයි. මෙම පරීක්ෂණය හඳුන්වන්නේ සෙමිනල් ෆ්ලූ‍යිඩ් ඇනලයිසිස් හෙවත් A තරල විශ්ලේෂණය යනුවෙනි. ශුක්‍රාණු විශ්ලේෂණ වාර්ථාවට අනුව ඔහුගේ ශුක්‍රාණු ඉතාමත් හොඳ තත්වයේ තිඛෙන බව තහවුරු විය. ස්වයං වින්දනයේ යෙදීම නිසා මිනිසුන්ගේ ධාතු ශක්තිය හීන වී යනව කියන්නෙ අමූලික බොරුවක් කියල ඒකෙන්ම පැහැදිලි වෙනවා.

4.ස්වයං වින්දනය රෝගයක් ලෙස සැලකෙන අවස්ථා තිබේද?

ස්වයං වින්දනයේ යෙදීම රෝගයක් නෙමේ කියල මීට ටිකක් ඉස්සෙල්ලත් මම කිවුව. ඒත් ස්වයං වින්දනය නිසා තමන්ගෙ කායික සහ මානසික සෞඛ්‍ය තත්වය පිරිහී යනව කියල හිත හිත දුකටත්, බියටත් පත් වී කනස්සල්ලෙන් ජීවත් වෙන එක නම් මානසික රෝගයක්. ඒ හැරෙන්න සමහර මානසික රෝගී තත්ත්වයන් හිදි (හීනෝන්මාදය රෝගය) කෙනෙක් ස්වයං වින්දනයේ යෙදීමට නිතර නිතර පෙළඹවන්න පුළුවන්. එවිට ප්‍රතිකාර කල යුත්තේ මානසික රෝග‍යට විනා ස්වයං වින්දනයට නෙමේ.

5.තම පුතා හෝ දුව ස්වයං වින්දනයේ යෙදෙන බව දෙමව්පියන් අහම්බෙන් දුටුවහොත් කළ යුත්තේ කුමක්ද?

ගොඩක් වෙලාවට දෙමව්පියො හිතන්නෙ මේක ළමයගෙ මානසික හා කායික සෞඛ්‍යයට අහිතකර දෙයක් කියලයි. නරක අසභ්‍ය පුරුද්දක් විදිහටයි. කුඩා කාලෙදි ස්වයං වින්දනයේ වැඩි වශයෙන් නියැලෙන දරුවන් පසු කලෙක සමලිංගිකයින් බවට පත් වෙයි කියල සමහරු හිතනව. ඒගොල්ලො අනාගතේදි මානසික රෝග වලට හෝ ලිංගික දුබලතා වලට ලක්වෙයි කියල සමහරු කල්පනා කරනව. මේව ඇත්තටම වැරදි මත.

තමන්ගෙ දරුව ස්වයං වින්දනයේ යෙදෙනව දැක්කොත් දරුවට කිසිම වෙලාවක තරවටු කරන්නවත් බනින්නවත් යන්නෙපා.එහෙම කලොත් ඒක ඒ ළමයගෙ මානසික සෞඛ්‍යට අහිතකර විදිහට බලපාල අනාගතේදි ලිංගික ගැටලූ‍ මෙන්ම චර්යාත්මක ගැටලූ‍ත් ඇතිවෙන්න පුළුවන්.එබැවින් දරුවෙක් ස්වයං වින්දනයේ යෙදෙනව අහම්ඛෙන් හෝ දැක්කොත් එය නොදැක්කා සේ සිටීමත් පසුව ඔබ එය දුටු බව ඔහුට හෝ ඇයට නොපෙන්වා වෙනදා මෙන්ම සුහදව කතාබහ කිරීම තමා බොහෝ විට සුදුසු.

6.පිරිමියෙක් ස්වයං වින්දනයේ යෙදුන කියල පුරුෂ ලිංගය ඇද වෙනවද?

නැහැ. ඒක බොරු කතාවක්.එහෙම නම් ලිංගික සංසර්ගයෙ යෙදෙන අයගෙත් ලිංගය ඇදවිය යුතුයි. ලිංගේන්ද්‍රය ඇදනම් ඒකට හේතුව වෙනම දෙයක් විය යුතුයි. ඊට ප්‍රතිකාර සඳගා ඇතැම් විට ආයුර්වේදී සම්භාහන ක්‍රම භාවිත කල හැකි අතර ඇතැම් විට ශල්‍ය වෛද්‍ය වරයෙකු කරා යොමු වන්නට සිදුවේවි.


උපුටා ගැනීම-sinhalaonline

Friday, November 18, 2016

කෙල්ලන් කොල්ලන්ට හොරෙන් පියයුරු මත ගෝවා කොළ තැබීමේ රහස ගැන ඔබ ඇසුවොත් පුදුමවෙයි

කෙල්ලන් කොල්ලන්ට හොරෙන් පියයුරු මත ගෝවා කොළ තැබීමේ රහස ගැන ඔබ ඇසුවොත් පුදුමවෙයි.



කෙල්ලන් කොල්ලන්ට හොරෙන් පියයුරු මත ගෝවා කොළ තැබීමේ රහස ගැන ඔබ ඇසුවොත් පුදුමවෙයි.

ගෝවා කියන්නේ ඉතාම රසවත් එළවළුවක් කියලා අපි හැමෝම දන්නවා. රසගුණ ගැන දැනගෙන හිටියට ගෝවා කොළ මගින් අපේ ශරීරයේ වේදනාවන් අඩු කරගැනීමට හැකි ආකාර ගැන හා ගෝවා කොළ වලින් රෝග නිවාරණය කර ගැනීමට ඇති හැකියාව ගැන නම් අපි ඒ තරම් දැනුවත් නැහැ.

ශරීරය පුරා ඔබට පීඩාවන් ගෙන දෙන විවිධ සෞඛ්‍ය ප‍්‍රශ්න සදහා ගෝවා කොළ වලින් ලබා ගත හැකි ප‍්‍රතිඵල විශ්මිතයි. මෙන්න එවන් ප‍්‍රතිඵල ලබා ගත හැකි ගැටළු කිහිපයක් ගැන අවධානය යොමු කරමු.

1. තැල්මක් නිසා සිදු වූ ඉදිමීම් වලට.

මෙසේ යම් තැලීමක් සිදු වී ඇගේ කොහේ හරි ඉදිමිලා තියෙනව නම් ඒ ප‍්‍රදේශය මත අලූතෙන් ගැලවූ ගෝවා කොළ තබා රෙදි වැනි සුලන් මාරු විය හැකි යමකින් මදක් තද කර ඔතන්න. ගෝවා කොළ මගින් විශේෂයෙන්ම ඔබේ ශරීර අංග වේගයෙන් තැන තැන වැඩිම නිසා ඇති වන තැලීම් හා ඉදිමීම් පහසුවෙන් ඉවත් කර ගැනීමට පුළුවන්.

2. තයිරොයිඞ් ග‍්‍රන්ථියට.

තයරොයිඞ් ග‍්‍රන්ථියට උත්තේජනයක් ලබා දීම මගින් ඔබේ පරිවෘත්තිය ක‍්‍රියා වේගවත් කිරීම, හෝර්මෝන වලට උත්තේජනයක් ලබා දීම හා ආහාර ජීර්ණ පද්ධතියේ අවයව වල ක‍්‍රියාකාරිත්වය ඉහල නැංවීම වැනි කාර්යයන්ට උදවු වීමට ගෝවා කොළ වලට පුළුවන්. මේ සඳහා ඔබ කළ යුත්තේ බෙල්ලේ උගුරු දණ්ඩ සහිත ප‍්‍රදේශය මත ගෝවා කොළ තැන්පත් කර ගෙන සිටීම පමණයි.

3. හිස රදයන්ට.

ඔබට හිස රදයක් වැළදුණු විටදී ගෝවා කොලයක් ගෙන එය නළල ප‍්‍රදේශය ඉතා හොඳින් වැසෙන පරිදි තබා ගන්න. මෙය වැඩි වී සිටින අවස්ථාවක් නම් තොප්පියක් පැළඳීම මහින් නිසි තැන රඳවා ගන්නට පුළුවන්. එමගින් ඔබේ හිස රදය ඉක්මනින් සුව වේවි.

4. කිරි දීමෙන් පියයුරු වලට ඇති වන වේදනාවට.

මවු කිරි දෙන්න ගොඩ දෙනෙක් කැමති වුනත් ඇතැම් අවස්ථා වල කිරි දීමෙන් පසුව පියයුරු වල අසාමාන්‍ය වේදනාවක් ඇති වන්නට පුළුවන්. එහෙම වුනොත් ගෝවා කොළ දෙකක් පියයුරු මත තබා ගන්න. ඔබට දැනෙන වේදනාව මැජික් එකකින් වගේ පහ වෙලා යාවි.

ඉතින් හැමදාම උයලා, සලාද හදලා කන ගෝවා වලින් ගන්නට පුළුවන් ප‍්‍රයෝජන ගැන අහන්නත් පුදුමයි නේද?

උපුටා ගැනීම-sinhalaonline

Wednesday, November 9, 2016

ලොවම බලා සිටි 45 ඇමරිකානු ජනපති හා ලෝක බලවතා වුනු ඩොනල් ට්‍රම්ප් ගේ නිවාස ගුවන් යානා නැව් සහා ඔහුගේ බලවත් වාහාන මෙන්න.

ලොවම බලා සිටි 45 ඇමරිකානු ජනපති හා ලෝක බලවතා වුනු 
ඩොනල් ට්‍රම්ප් ගේ නිවාස ගුවන් යානා නැව් සහා ඔහුගේ බලවත් වාහාන මෙන්න.





Tuesday, November 8, 2016

දුර්ලභබ ගානේ මූහුදු ඌරෙක් මන්නාරම් වෙරලෙන් මතුවේ දැන්ම බලන්න විස්තර සහිතයි. වීඩියෝව

දුර්ලභබ ගානේ මූහුදු ඌරෙක් මන්නාරම් වෙරලෙන් මතුවේ
දැන්ම බලන්න විස්තර සහිතයි. වීඩියෝව 





ඔබ ෆේස්බුක් බාවිතා කරන්නෙක් ද එහෙනම් මේ දේවල් 5 ගැන කවදාවත් ෆේස්බුක් එකේ දාන්න එපා.

ඔබ ෆේස්බුක් බාවිතා කරන්නෙක් ද එහෙනම් මේ දේවල් 
5 ගැන කවදාවත් ෆේස්බුක් එකේ දාන්න එපා.